by Staff writer 23-06-2019 | 11:45 AM
COLOMBO (News 1st) - කිරින්ද යාල ප්‍රදේශයේදී මුහුදු රළ පහරකට හසුවීමෙන් එකම පවුලේ පියෙකු සහ දියණියන් දෙදෙනෙකු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වූහ.
37 හැවිරිදි නුවන් විජේසූරිය, සිය කුඩා දරු දෙදෙනා හා බිරිඳ සමග ඊයේ පස්වරුවේ විනෝද චාරිකාවක් සඳහා කිරින්ද ප්‍රදේශයට පැමිණ තිබුණේ, නිදහසේ කාලය ගත කිරීමේ අරමුණිනි.
ඊයේ රාත්‍රියේ සංචාරක හෝටලයක නවාතැන් ගන්නා ඔවුන් , අද හිරු උදාවත් සමග කිරින්ද යාල ප්‍රදේශයේ වෙරළට ගොස් තිබුණේ, සිය කුඩා දියණියන් දෙදෙනාට රැල්ල පෑගීමට ඉඩ සලසා දීම සඳහායි.
නමුත් කිසවෙකුත් නොසිතූ ලෙස සිය දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකු රළ පහරට හසුවන්නේ නුවන්ගේ දෙනෙත් ඉදිරිපිටයි .
වයස අවරුදු 04 පමණ වූ සිය කුඩා දියණිය බේරා ගැනීමට , මුහුදු රළ සමග ඔට්ටු වන නුවන්ද රළ පහරට හසුවී තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, අනතුරුව ඇගේ බිරිඳ සහ අනෙක් දරුවා ද රළ පහරට හසුව ගසාගෙන ගිය බවයි.
අනතුරුව ඒ අසල සිටි යුද හමුදා නිලධාරියෙකු විසින් ඔවුන් බේරා ගැනීමට උත්සහ කළ ද ඔහුට බේරාගැනීමට හැකිව ඇත්තේ මවගේ ජීවිතය පමණයි.
ඇය දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට මාරු කර යවා ඇති අතර ඇයගේ තත්ත්වය ද බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
ජීවිතක්ෂයට පත්වූ නුවන්ගේ හා දරුවන් දෙදෙනාගේ දේහයන්, මේ වනවිට දෙබරවැව මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
https://www.youtube.com/watch?v=xKmS_TWdDzE