by Staff writer 22-06-2019 | 8:47 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කළ බවට වූ නිර්දේශයක් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
නිර්දේශ ප්‍රකාරව අදාළ පනත සංශෝධනය වුවහොත් විදුලිබල ක්ෂේත්‍රය හා බැඳුණු ආර්ථික හා තාක්ෂණ නියාමන බලතල අමාත්‍ය මණ්ඩලය වෙත පැවරනු ඇති.
දැනට එම බලතල ක්‍රියාවේ යොදවන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවයි.
විදුලිබල ක්ෂේත්‍රය හා බැඳුණු ආර්ථික නියාමනයෙන් විදුලිය මිලදී ගැනීම් හා විදුලි පාරිභෝග ගාස්තු ආවරණය වේ.
විදුලිබල ක්ෂේත්‍රය හා බැඳුණු ගනුදෙනුවල වාර්ෂික මූල්‍ය වටිනාකම රුපියල් කෝටි 20000කට ආසන්නයි.