ලක්ෂපාන ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ

by Staff writer 22-06-2019 | 6:59 AM

COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග ලක්ෂපාන ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ, ජලාශය පහළ ප්‍රදේශයේ ජනතාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි. මේ අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද දිනයේ මිලිමීටර් 100 ක වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා වැඩිවිය හැකි බව ද ඇය සඳහන් කළා ය.