රත්‍රන් තොගයක් සමග ඉන්දීය ජාතිකයින් 6ක් රේගු භාරයට

රු. ලක්ෂ 30ක රත්තරන් මෙරටින් රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයින් 6ක් රේගු භාරයට

by Staff writer 22-06-2019 | 3:06 PM
COLOMBO (News 1st) - රත්තරන් තොගයක් නීති විරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, රත්‍රන්වල වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වන බව ය. ඔවුන් තම ගමන් මලුවල, ඇඳ සිටි කලිසම් සාක්කු තුළ සහ ශරීරයේ සූක්ෂම ලෙස සඟවා එම රත්‍රන් මෙරටින් රැගෙන යාමට තැත් කර තිබේ. පැකට් 6ක අසුරා තිබුණු එම රත්‍රන් තොගයේ බර ග්‍රෑම් 557ක් පමණ වන බව සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය.