මතට තිත තැබීමේ V-Force මෙහෙයුම

මතට තිත තැබීමේ V-Force මෙහෙයුම

by Staff writer 22-06-2019 | 10:30 PM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් එයින් මුදා ගැනීම සඳහා නොමිලේ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ජා-ඇළ සේනානායක මහ විද්‍යාලයේදී පැවැත්විණි. ඒ දිසා ප්‍රජා පොලිස් ඒකකය, පැලියගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සහ ගම්මැද්ද V-Force ක්‍රියාන්විතය එක්ව ය. මානසික චිකිත්සාව, විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර, උපදේශන සේවා ඇතුළත්ව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් එයින් මුදා ගන්නා ආකාරය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් මෙහිදී සිදු විය. හෙට මෙම වැඩසටහනේ තවත් අදියරක් වත්තල කෙරවලපිටිය විද්‍යාලෝක මහ විද්‍යාලයේ පැවැත්වීමට නියමිත ය.