දුම්රිය වර්ජනය නිසා ලංගමයෙන් අමතර බස් 600 ක්

දුම්රිය වර්ජනය නිසා ලංගමයෙන් අමතර බස් 600 ක්: සේවක නිවාඩුත් සීමා කෙරේ

by Staff writer 22-06-2019 | 8:02 AM

COLOMBO (News 1st)  - ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී.එච්.ආර්.ටී.චන්ද්‍රසිරි මහතා වර්ජනයෙන් අපහසුතාවට පත්වන දුම්රිය මගීන් ප්‍රවාහනය සඳහා අමතර බස් රථ 600 ක් පමණ යොදවන බව පැවසීය.

ඒ සඳහා ලංගම රියැදුරුන්ගේ නිවාඩු සීමා කිරීමට පියවර ගත් බව ද ඔහු සඳහන් කළේ ය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, අදාළ ගැටළුවට තව සති දෙකකින් විසඳුම් ලබාදෙන බවට දැනුම්දී ඇති බවයි. වර්ජනයක් පැවැතිය ද ඊයේ දිනයේදී බොහෝ දුම්රියන් ප්‍රමාණයක් ධාවනය කිරීමට පියවර ගත් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.