කොළඹට අද පැය 15 ක ජල කප්පාදුවක්

කොළඹට අද පැය 15 ක ජල කප්පාදුවක්

by Staff writer 22-06-2019 | 7:35 AM

COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 15 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලට අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටවනු ඇති. ජල කප්පාදුව සිදු කරන අනෙක් ප්‍රදේශ වන්නේ මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයි. ඊට අමතරව කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසයට ජල සැපයුම අත්හිටවනු ඇති. මේ අතර මාතලේ මහ නගර සභා සීමාව ඇතුළු ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 8 .00 සිට පස්වරු 4. 00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව එම කාල සීමාව තුළ කුඹියන්ගොඩ පාර, වරකාමුර පාර, ඒ 9 පාර, පළාපත්වල ජලාශයෙන් ආවරණ වන පළාපත්වල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ඉහළ හරස්ගම ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ඇති. විදුලි බල මණ්ඩලයේ අලුත්වැඩියා කටයුතු සහ මාතලේ ජල මුලාශ්‍රයේ නවීකරණ කටයුතු හේතුවෙන් එම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.