ට්‍රම්ප්ගේ අනුකම්පාව

ඉරානය ගැන ට්‍රම්ප්ගේ අනුකම්පාව

by Staff writer 22-06-2019 | 9:55 AM

News 1st - ඉරාන වැසියන්ගේ ජීවිත ගැන සිතා එරටට එල්ල කිරීමට ගිය ප්‍රහාරය අවසාන මොහොතේ නවතා දැමූ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පැවසුවේ, එම ප්‍රහාරය එල්ලවූවා නම් ඉරාන වැසියන් 150 ට අධික පිරිසක් මිය යනු ඇති බවයි. දෙරට අතර උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳ සාකච්ඡා සඳහා සූදානම් බව අමෙරිකානු ජනපතිවරයා සඳහන් කළේ ය. කෙසේවෙතත් ඔහු ඊයේ ඉරානයට අනතුරු අඟවමින් පවසා සිටියේ, අමෙරිකාවෙන් ඉරානයට ඉතා ඉක්මනින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි. අමෙරිකානු ඔත්තුබැලීමේ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඉරාන විප්ලවවාදී හමුදාව ප්‍රකාශ කිරීමත් සමග දෙරට අතර මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත විය.