හදිසි නීතිය මසකින් දීර්ඝ කෙරේ

හදිසි නීති රේගුලාසි තව ත් මසකින් දීර්ඝ කෙරේ

by Staff writer 22-06-2019 | 9:40 AM

COLOMBO (News 1st) - හදිසි නීති රේගුලාසී තව ත් මසකින් දීර්ඝ කර තිබේ.

මේ සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය අද නිකුත් කෙරිණි. ජනාධිපතිතුමා වෙනුවෙන්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය කර ඇත. මහජන ආරක්ෂාව හා රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගත් බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙ සඳහන් විය.