පානදුරේ වැටලීමක්...

පානදුරේදී තහනම් පිහි සහ විදේශීය මත්පැන් සමග දෙදෙනෙකු කොටුවෙති

by Staff writer 22-06-2019 | 12:31 PM

COLOMBO (News 1st) - පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී තහනම් පිහි තොගයක් සහ විදේශීය මත්පැන් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, යුද හමුදාව සමග එක් ව ඊයේ උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා වැටලීම ක්‍රියාත්මක කළ බවයි. එහිදී විදේශීය රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 32 ක් සහ තහනම් පිහි 9 ක් පොලීසිය භාරයට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි 44 හා 38 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි.