වසර 28 පෙර සිදු වූ ඝාතනයකට තිදෙනෙකුට මරණ දඬුවම

වසර 28 පෙර සිදු වූ ඝාතනයකට වරදකරුවන් වූ තිදෙනෙකුට මරණ දඬුවම

by Staff writer 21-06-2019 | 4:34 PM

COLOMBO (News 1st) - තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු කරනු ලැබු විත්තිකරුවන් 03 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද මරණ දඬුවම නියම කර තිබේ.

1991 ඔක්තෝම්බර් 15 වැනි දා බම්බලපිටිය ස්කෙල්ටන් වත්ත ප්‍රදේශයේදී ජෝන් සුසිලාවතී නමැති කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව නඩුව පවරා තිබුණේ නීතිපතිවරයායි. එක් විත්තිකරුවෙකු නඩු විභාගය අතරතුර මිය ගොස් ඇත.