බදුල්ල තල්දෙන සිර කඳවුරෙන් දෙදෙනෙක් පළා යති

බදුල්ල තල්දෙන සිර කඳවුරෙන් දෙදෙනෙක් පළා යති

by Staff writer 21-06-2019 | 10:18 AM
COLOMBO (News 1st) - බදුල්ල තල්දෙන එළිමහන් සිර කඳවුරේ දඩුවම් විඳිමින් සිටි සිරකරුවන් දෙදෙනෙකු පළා ගොස් තිබේ. එලෙස පළා ගොස් ඇත්තේ, හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් දඬුවම් විඳිමින් සිටි දෙදෙනෙකි. 19 හැවිරිදි හා 37 හැවිරිදි ඔවුන් පහළ ඉඹුල්ගොඩ හා මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය. පළා ගිය පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බදුල්ල පොලීසිය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.