වර්ජනය මැද කාර්යාල දුම්රිය 8 ක් ධාවනයට

දුම්රිය වර්ජනය හමුවේ කාර්යාල දුම්රියන් 8 ක් ධාවනයට

by Staff writer 21-06-2019 | 5:28 PM

COLOMBO (News 1st) - දුම්රිය සේවකයින්ගේ වැඩවර්ජනයක් පැවතිය ද මගී ජනතාව වෙනුවෙන් කාර්යාල දුම්රිය 8 ක් ධාවනයට එක් කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ අනුව කොටුව - රඹුක්කන, කොටුව - පොල්ගහවෙල හා කොටුව මහව දක්වා දුම්රියන් ධාවනයට එක් කර තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොටුව - හලාවත කාර්යාල දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර ඇති බවයි. මීට අමතරව මරදාන - මාතර, මරදාන - ගාල්ල දක්වා දුම්රියන් ද ධාවනයට එක් කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති සාමාජිකයින් ඊයේ මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ දුම්රිය සේවක වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.