by Staff writer 21-06-2019 | 1:52 PM
COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9.00 සිට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටවනු ඇති.
ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම ද අත්හිටු වීමට නියමිත ය.
කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ජල සැපයුම ද හෙට අත්හිටු වන බව සඳහන් ය.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය විසන්ධි කිරීම සහ ජුබිලි ජල සැපයුම් පද්ධතියේ අලුත්වැඩියාවක් නිසා මෙම පියවර ගෙන තිබේ.