COLOMBO (News 1st) - කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ රෝමයේ සංචාරය අතරතුර අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අගරදගුරු හිමිපාණන් උතුම් පාප් වහන්සේ බැහැදැකීමට පෙර මෙසේ අදහස් පළ කළ බවයි.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
එක පුද්ගලයෙක් හිටියා, ඔහුගේ බිරිඳත් දරුවෝ තිදෙනාත් ජීවිතක්ෂටයට පත් වුණා මේ ප්‍රහාරයෙන්. මම ඔහුව හමුවෙන් ගියා. ඔහු මට කිව්වා, වෙනදාට වැඩ නිම කරලා ගෙදර එනකොට ළමයි මගේ ළඟට දුවගෙන එනවා නමුත් අද මුළු ගෙදරම පාළුවට ගිහින් කියලා. ඔහු දැන් තනි වෙලා. කතෝලික හා බෞද්ධ සියලු දෙනාගෙන්ම මම ඉල්ලීමක් කරනවා, කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා. මොකද ඉතා පැහැදිලියි සාමාන්‍ය මුස්ලිම් ජනතාවට මේ සම්බන්ධයෙන් කිසිවක් කරන්න දෙයක් නැහැ