by Staff writer 21-06-2019 | 10:02 AM
(News 1st) - ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ කුල්ලු ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක් වීමෙන් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් තිබේ.
ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 30කි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, කඳුකර ප්‍රදේශයකදී බස් රථය ප්‍රපාතයකට පෙරළී ඇති බව ය.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ බැවින් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ය.
ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහනය සහ අධික වේගය අනතුරට හේතු වන්නට ඇතැයි සැක පළ කරයි.
අනතුරින් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් සිය ශෝකය පළ කරන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ ය.
මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 50000 බැගින් ලබා දීමට හිමාචල් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.