IS සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ අනතුරු ඇඟවයි

IS ත්‍රස්තයින් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශවලින් අනතුරු ඇඟවීමක්

by Staff writer 20-06-2019 | 9:54 PM
(News 1st) - අයි.එස්. ත්‍රස්ත කණ්ඩායමේ උපාය මාර්ග වෙනස්වීම ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට තර්ජනයක් විය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර ඇතැයි එරට මාධ්‍ය අද වාර්තා කළේ ය. NDTV රූපවාහිනිය අද වාර්තා කළේ, එම අනතුරු ඇඟවීම ඇතුළත් ඉන්දීය පොලීසියේ ආයතන අතර හුවමාරු වූ බුද්ධි තොරතුරු ලියැවිල්ලක් තමන් නිරීක්ෂණය කළ බව ය. සිරියාවේ හා ඉරාකයේ සිදුව ඇති පසුබෑම හමුවේ අයි.එස්. ත්‍රස්ත සංවිධානය උපාය මාර්ග වෙනස් කර ඇතැයි එම වාර්තාවේ සඳහන් ය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආරක්ෂක ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මහතා කියා සිටියේ, ලැබෙන තොරතුරු කිසිවක් බැහැර නොකරන බව ය. එවැනි තොරතුරු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බවත් අදාළ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ය.