ඌන උපයෝගීතා පනත අහෝසි කිරීමට අනුමැතිය

2011දී ගෙන ආ ඌන උපයෝගීතා පනත අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

by Staff writer 20-06-2019 | 10:08 PM
COLOMBO (News 1st) - ඌන ක්‍රියාකාරී ව්‍යවසාය හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම සඳහා වූ පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 91කි. 69 දෙනෙකු විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්තශාලා අයත් වන මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන රංජිත් මද්දුම බණ්ඩාර හා ආනන්ද කුමාරසිරි යන මැති ඇමතිවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි. මෙම යෝජනාව ඉදිරිපත් කළේ රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.