පරගල නොවිසඳුණු ජල ගැටලුවක් ගම්මැද්දෙන් විසඳයි

වසර 90ක් තිස්සේ පරගල නොවිසඳුණු ජල ගැටලුවක් ගම්මැද්දෙන් විසඳයි

by Staff writer 20-06-2019 | 9:31 PM
COLOMBO (News 1st) - අධ්‍යාපනයෙන් ඔපවත් වූ සෞඛ්‍ය සම්පන්න නිරෝගී දරු දැරියන් යනු රටකට අමිල සම්පතකි. ගම්මැද්ද ක්‍රියාන්විතය සැමවිටම ඒ අනාගත පරපුරේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක ය.
ආර්.කේ.සිරිපාල - විදුහල්පති පරගල කනිෂ්ඨ විද්‍යාලය "ලොකුම ගැටලුව තමයි විද්‍යාලයේ ජල ප්‍රශ්නය. සර්පයෝ ඌරෝ වන සතුන්ගෙන් ගහණ වුණ වෙල් යායකින් තමයි ඒ වතුර එන්නේ. වැහි කාලෙට වතුර බොන්න බෑ. මඩ වතුර එන්නේ. දිනෙන් දින මේ ප්‍රශ්නය ආවා. පහළම දේශපාලන අධිකාරියේ ඉඳලා විද්‍යාලයේ ප්‍රශ්න ඇතුළත් ලියැවිල්ලක් අදාළ තැන්වලට යොමු කළා. නමුත් අපේ විද්‍යාලයට කුඩම්මාගේ සැලකිල්ල තමයි තියෙන්නේ. කිසිදු දේශපාලන අධිකාරියකින් රාජ්‍ය අනුග්‍රහයකින් ලැබෙන්නේ නෑ. ලැබුණෙත් නෑ. ගම්මැද්ද මහ ලේකම් කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබා දීලා අපේ විද්‍යාලයේ ගැටලුව ඉදිරිපත් කළා. ලිපියක් ආවා පාසල තෝරගත්තා පාසලට අවශ්‍ය ජල පහසුකම් ලබා දෙනවා කියලා."
ඒ, වසර 90ක් තිස්සේ පානීය ජල පහසුකම් නොලැබුණු පාසලක විදුහල්පතිවරයෙකි. මාතර කොටපොළ අධ්‍යාපන කලාපයට අයත් පරගල කනිෂ්ඨ විද්‍යාලයෙහි සිසුන් 350 දෙනෙකු ඉගෙනුම ලබන අතර ඔවුන් මේ දක්වා බීමට ජලය ලබා ගත්තේ කුඹුරක් අසළ තැනූ වළකිනි. 2018 ඔක්තෝබර් 25 වන දා මුල්ගල් තබමින් පරගල කනිෂ්ට විදුහලට පානීය ජල පද්ධතියක් ඉදිකර දීම සඳහා ඇරඹුණු එම ව්‍යාපෘතිය අද මෙලෙස මල්පල ගැන්විණි. ශ්‍රී ලංකාවේ ජර්මානු ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියේ නායකයා, අමීන් අස්හර්.
චතුරංග ලීලාරත්න සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ - කොටපොළ "එදා මේ යන්ත්‍රෝපකරණ අරන් කැනීම් කරන මොහොතේ එකපාර වතුර ආවා මීදුම වගේ විද්දා. එතකොට කිව්වා ආං ජලය මතු වුණා කියලා. එතකොට මම මෙතන හිටියේ. මට මේ පිටිපස්සේ අම්මා කෙනෙක්ගේ ඇස්වලින් කඳුළු එනවා මම දැක්කා. ඒ වෙලාවේ මම හිතුවේ දරුවෝ පාසල සහ අපේක්ෂාවන් කියන්නේ තුනක් නෙවෙයි එකක්. ඒක එකට බද්ධවෙලා තියෙන දෙයක්. ඔබතුමාලා මේ කරන්නේ මහා පුණ්‍යකර්මයක්. මොකද අද මේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභය 100කට 200කට නෙවෙයි යන්නේ. මේ ව්‍යෘපෘතිය තියෙන්නේ කොච්චර කල් ද ඒ දක්වා ඉන්න දරුවන්ට මේ ප්‍රතිලාභය යනවා." ශෙවාන් ඩැනියෙල් - සමූහ අධ්‍යක්ෂ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය "ගම්මැද්ද සංකල්පයේ නිර්මාතෘ අපේ ගරු සභාපතිතුමා, ආර්. රාජමහේන්ද්‍රන් මැතිතුමා. ඒ සංකල්පය පිටිපස්සේ තියෙන්නේ පුංචි වැඩ. පොඩි වැඩ. ඉතින් සමහරක් අයෙක් කියයි මේ පොඩි ඉස්කෝලෙක පොඩි ජල ව්‍යාපෘතියක් නේද කියලා. නැත්නම් කියයි පොඩි ගමක පොඩි අලිවැටක් කියලා. නැත්නම් කියයි මේ අස්සක තියෙන ගමක පුංචි පාරක් හදලා තියෙන්නේ කියලා. ඔව් ඇත්ත. අපේ ජනතාවට ඒවා ලොකු වැඩ කියලා අපි හිතනවා. වසර දහස් ගාණක සිටන් පැවත එන අභයගිරිය, ඒ ආගමික සිද්ධස්ථාන හැදිලා තියෙන්නේ මොනවාගෙන් ද? ගඩොල්වලින් නෙවෙයිද? ඉතින් ඒ කුඩා කොටස්වලින් තමයි ඒ සියලු දේවල් එච්චර ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒ ශක්තිය රඳා පවතින්නේ ඒ කුඩා කොටස්වල."
මෙම උත්සවය නර්තනාංග කිහිපයකින් ද විචිත්‍රවත් විය. https://www.youtube.com/watch?v=nVkrpgg0VUo