වසරේ පළමු මාස 5 තුළ රේගු ආදායම 30% කින් පහළට

වසරේ පළමු මාස 5 තුළ රේගු ආදායම 30% කින් පහළට

by Staff writer 20-06-2019 | 10:57 AM

COLOMBO (News 1st) - මේ වසරේ මුල් මාස 5 තුළ රේගු ආදායම 30% කින් පහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, නව සහකාර රේගු අධිකාරිවරුන් 134 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට ඊයේ එක්වෙමිනි. 2018 වසරේදී මෙරට මුළු බදු ආදායමෙන් 54% ක් වන රුපියල් බිලියන 912 ක් ලබා දී ඇත්තේ රේගු දෙපාර්තමේන්තුවයි. නමුත් එය අපේක්ෂිත රුපියල් බිලියන 1,065 ට වඩා රුපියල් බිලියන 153 ක අඩුවීමක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී සඳහන් කළේ ය. රේගු දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසුවේ ය. ඒ අනුව නව රේගු පනත හඳුන්වාදීම සහ රේගු සමුද්‍රීය ඒකකය නැවත පිහිටුවීම කඩිනමින් සිදු කරනු ඇති. මේ වන විට රේගු දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන් ගණන 1400 ඉක්මවනු ඇත.