පළාත් රැසකට තද සුළං

පළාත් රැසකට තද සුළං

by Staff writer 20-06-2019 | 11:39 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට පැයට කිලෝමීටර් 50 - 60 ත් දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් පැයට කිලෝමීටර් 50 ක් පමණ දක්වා තද සුළං ඇති විය හැකි බවයි. ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.