දෙදෙනෙකුට මරු කැඳවූ දිගලවත්තේ රිය අනතුර

දිගලවත්තදී ත්‍රිරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් දෙදෙනෙකු මරුට

by Staff writer 20-06-2019 | 4:19 PM
COLOMBO (News 1st) - හංවැල්ල, පනාගොඩ මාර්ගයේ දිගලවත්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය. අනතුර සිදු වන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ 8 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී කාන්තාවක සහ ගැහැණු දරුවෙකු මිය ගොස් ඇති අතර බරපතළ තත්ත්වයේ පසු වූ 3 දෙනෙකු ජාතික රෝහලට මාරු කර යැවූ බව පොලීසිය සඳහන් කළේ ය. මිය ගොස් ඇත්තේ 7 හැවිරිදි මාතර පදිංචි දැරියක සහ 37 හැවිරිදි දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.