කුවේට්හි හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 54 ක් දිවයිනට

කුවේට්හි රැකියාවට ගොස් හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 54 දෙනෙකු දිවයිනට

by Staff writer 20-06-2019 | 11:58 AM

COLOMBO (News 1st) - ගෘහ සේවය සඳහා කුවේටයට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 54 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ, කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි. ඒ අතරින් 37 දෙනෙකු කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවාසයේ රැඳී සිටි කාන්තාවන් ය.