හලාවත ධීවරයින් දැඩි ගැටලුවක...

හලාවත ධීවරයින් දැඩි ගැටලුවක...

by Staff writer 20-06-2019 | 7:34 AM

COLOMBO (News 1st) - හලාවත ඇතුළු ඒ අවට ප්‍රදේශ රැසක ධීවර ජනතාව මේ දිනවල දුෂ්කරතා රැසකට මුහුණ දී සිටි.

අප වාර්තාකරු සඳහන් කළේ, ධීවරයින් පෙර මෙන් මෙම දිනවල මුහුදු යාමෙන් වැළකී ඇති බවයි. ඒ, මුහුදේ මසුන් අඩු වීම හේතුවෙනි. මෙම කාලය වාරකන් කාලයක් වූ නමුත් ධීවරයින් කෙසේ හෝ අසීරුවෙන් මුහුදු යන්නේ තම ජීවිකාව ගෙන යාමට වෙනත් මගක් නොමැති නිසාවෙනි. නමුත් මේ වන විට බොහෝ ධීවරයින් තම රැකියාවල නිරත වීමෙන් වැළකී සිටි. ඒ අසීරුවෙන් මුහුදු ගිය ද ඔවුන්ට ප්‍රමාණවත් මත්ස්‍යය අස්වැන්නක් නොලැබීම හේතුවෙන් ය. ධීවර සමාගම් පෙන්වා දෙන්නේ, ඇතැම් පිරිස් තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් පසුගිය දිනවල ධීවර කටයුතුවල නිරත වීම හමුවේ මෙම තත්ත්වය උත්ගතව ඇති බවයි.