මොරවැව රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මරුට

මොරවැවදී සිදු වූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මරුට

by Staff writer 20-06-2019 | 11:12 AM

COLOMBO (News 1st) - අනුරාධපුර - ත්‍රිකුණාමලය මාර්ගයේ මොරවැව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ පොලිස් කොස්තාපල්වරයා ගමන් කළ යතුරු පැදිය, ලොරියක ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි. ඉන් මිය ගියේ හොරොව්පතානේ පදිංචි ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ 34 හැවිරිදි කොස්තාපල්වරයෙකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.