English
தமிழ்
කර්තෘ Staff writer
20 Jun, 2019 | 7:59 pm
COLOMBO (News 1st) – දයා ගමගේ අමාත්‍යවරයා ඊයේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රබල විරෝධයක් මතු වෙමින් තිබේ.
හෝමාගමදී ඊයේ සමෘද්ධි සහනාධාරය ලබා දෙමින් අමාත්‍යවරයා වත්මන් කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා අම්පාරේ සේවය කළ සමයේ ක්‍රියා කළ ආකාරය විවේචනය කළේ ය.
දයා ගමගේ
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය
“2008 පළාත් සභා ඡන්දෙට ඉදිරිපත් වුණා. අම්පාරේ තිබ්බා රැස්වීම. එකපාරටම පොලීසියේ හිටියා 40ක් 50ක් එතකොට දිසාපතිතුමා හිටියේ අම්පාරේ මේ සුනිල් කන්නන්ගර මහත්මයා. එකපාරටම පොලීසිය ඉවත් කළා. ඊට කිලෝමීටර් එකහමාරක් එහා තියන ආමි චෙක් පොයින්ට් එකේ බෝම්බයක් පිපිරුණා. 24 දෙනෙක් මැරුණා. මගේ කර්මාන්ත ශාලාවේ සේවය කරපු 5 දෙනෙක් මැරුණා. පළාත් සභා ඡන්දේ දවසේ මට දුරකතන ඇමතුමක් ආවා අරලියගහ මන්දිරයේ ඉන්න මගේ හිතවතෙක්ගෙන්. ඔබතුමාගේ ජීවිතයට අනතුරක් වෙන්න තියනවා ප්‍රවේශම් වෙන්න කියලා. මම මගේ තාත්තාගේ කඩේ එතනින් නික්ම වෙලා තප්පර 30ක් ගියේ නැහැ බෝම්බයක් පිපිරුණා. 21 දෙනෙක් මැරුණා මැතිවරණයට ඉස්සල්ලා දවසේ. ඡන්ද පෙට්ටියේ 1008 තියෙන්න ඕනි. ගණිනකොට එක්දහස් එකසිය ගාණක් තිබ්බා. හැබැයි සුනිල් කන්නන්ගර මහත්මයාත් ඒවා අත්සන් කරලා කොහොමහරි ගැටගහලා ඡන්දේ මහින්ද රාජපක්ෂ මහත්මයාට දින්නලා දුන්නා. ඇත්ත කියනවා නම් ඇත්ත කතාව මේ.”
අමාත්‍ය දයා ගමගේ මහතාගේ මේ චෝදනා සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද ස්ථාන කිහිපයක රාජ්‍ය සේවකයින් විරෝධතා සංවිධාන කර තිබිණි.
එක් විරෝධතාවක් නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීහු ඊට එක්වූහ.
ඔවුන් කළු පටි පැළඳ විරෝධතාවට එක්ව සිටීම විශේෂත්වයකි.
හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ද විරෝධතාවක් පැවැත්වුණේ දිස්ත්‍රික් ලේකම්වරයා සම්බන්ධයෙන් දයා ගමගේ අමාත්‍යවරයා කළ ප්‍රකාශයට විරෝධය දැක්වීමට ය.
මේ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා සම්බන්ධයෙන් අමාත්‍ය දයා ගමගේ මහතා කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ, කන්නන්ගර මහතාගේ කීර්ති නාමය පළුදු කරමින් දයා ගමගේ අමාත්‍යවරයා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බව ය.
එමෙන් ම මහජන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම සඳහා රජය නොපමාව කටයුතු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් දැඩි ක්‍රියාමාර්ගවලට යොමු වන බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අනතුරු අඟවයි.
10 Aug, 2020 | 02:10 PM
16 Jul, 2018 | 07:58 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS