දුම්රිය වර්ජනය හෙට පස්වරු 2 දක්වා කල්යයි

ඇමති පොරොන්දුවෙන් පසු දුම්රිය වර්ජනය කල්යයි

by Staff writer 19-06-2019 | 4:38 PM
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනය හෙට පස්වරු 2 .00 දක්වා කල් දමා තිබේ. දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් ඇතුළු දුම්රිය සේවක වෘත්තීය සමිති 5ක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණ. ඒ,  දුම්රිය සේවක ශ්‍රේණිවල විෂමතාව ඉවත් කිරීම් සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමිනි. ලෝකමෝටිව් ඔපරේටින් ඉංජිනියස් සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව වර්ජනය හෙට පස්වරුව දක්වා කල් දැමීමට තීරණය කළ බවයි. මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර සිය ඉල්ලීම් ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යවරයා පොරොන්දු වූ බව ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ ය.