සාෆිට එරහිව 758කගෙන් CIDයට ප්‍රකාශ

වෛද්‍ය සාෆිට එරහිව පැමිණිලි කළ 758 කුගෙන් CIDය ප්‍රකාශ සටහන් කරගනී

by Staff writer 19-06-2019 | 5:24 PM
COLOMBO (News 1st) : කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව පැමිණිලි කළ කාන්තාවන් 601 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 758 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ඒ පිළිබඳව ලබන 7 වන දා අධිකරණයට කරුණු වාර්තා කරන බවයි. අදාළ කාන්තාවන්  ද සොයිසා කාන්තා රෝහල සහ කාසල් වීදියේ කාන්තා රෝහලේදී වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට නියමිත වේ. කුරුණෑගල ශික්ෂණ රෝහල, වෛද්‍ය සේයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි, කාසල් වීදියේ කාන්තා රෝහල