වැලිකන්දේ රිය අනතුරකින් 5 දෙනෙකු මරුට

වැලිකන්දේ රිය අනතුරකින් 5 දෙනෙකු මරුට: තවත් 12කට තුවාල

by Staff writer 19-06-2019 | 7:09 AM
COLOMBO (News 1st) - මඩකළපුව, වැලික්නද මාර්ගයේ කොළකනවාඩිය ප්‍රදේශයේ අද අලුයම සිදු වූ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් දොළොස් දෙනෙක් තුවාල ලැබූහ. අනතුර සිදුවුණේ, වෑන් රථයක් , අත් ට්‍රැක්ටරයක එකිනෙක ගැටීමෙනි. අලුයම සිදුවූ අනතුරින් මිය ගිය පස් දෙනා ඥාතීහු වෙති. 32 හැවිරිදි ඊ. ඒ. පුෂ්පකුමාර සහ 30 හැවරිදි ඇගේ බිරිඳ ආර්.ජී.ඒ සංජීවනී අනුරින් ජීවිතක්ෂයට පත්වූහ. සංජීවනිගේ වැඩිමහල් සොහොයුරිය වන 32 හැවිරිදි ආර් ජී. ඒ. සකුන්තලා සහ ඇගේ නැන්දණියවූ ඩබ්ලිව්. ඒ. සේපාලිකාද අනතුරින් ජීවිත අහිමිවූවන් අතර වෙති. ජීවිතක්ෂයට පත් වූ මැදිරිගිරියේ පදිංචි බී. එම්. අනෝමා කුමාරි ද මෙම පවුලේම ඥාතිවරියකි. සිද්ධියෙන් තුවාල ලැබූ 12 දෙනෙක් මේ වන විට පොළොන්නරුව මහා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිති. මඩකලපුව වැලිකන්ද මාර්ගයේ කොළකනවාඩිය ප්‍රදේශයේදී මෙම අතුර සිදුව තිබුණේ, පිරිස ගමන්ගත් ට්‍රැක්ටරය පිටුපසින් පැමිණි වෑන් රථයක ගැටීමෙනි. සිද්ධියෙන් මිය ගිය හා තුවාල ලබා තිබුණේ, ට්‍රැක්ටරයේ ගමන්ගත් පිරිසයි. අනතුර සිදු කළ වෑන් රථය කටුනායක සිට මඩකලපුව, කාලවංචිකුඩි දක්වා ධාවනය වෙමින් පැවති අතර එහි රියදුරු සුළු තුවාල ලබා තිබේ. ට්‍රැක්ටරයේ ගැටුණු වෑන් රථය අනතුර සිදවූ ස්ථානයේ සිට මීටර් 100කට අසන්න දුරක් ධාවනය වීමෙන් පසු මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසලකද ගැටී ඇතැයි අප වාර්තාකරු පැවසී ය. පොලීසිය සැක කරන්නේ වෑන් රථයේ රියැදුරුගේ අපරික්ෂාකාරී ධාවනය මෙම අනතුරට හේතු වන්නට ඇති බවයි. ඔහු අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කෙරිණ.