වත්තලදී ගිනිඅවි හා හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

වත්තලදී ගිනිඅවි හා හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

by Staff writer 19-06-2019 | 8:54 AM
COLOMBO (News 1st) - වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී ගිනිඅවි සහ හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය එම ප්‍රදේශයේ කළ මෙහෙයුමකිනි. සැකකරු සන්තකයේ තිබී පිස්තෝලයක්, ඒ සඳහා භාවිත කරන උණ්ඩ 7ක්, රිවෝල්වර ගිනිඅවියක් හා හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 100ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. 47 හැවිරිදි සැකකරු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.