නිවාස ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම් ඇනහිටී

බොරැල්ල හා තලවතුගොඩ නිවාස ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම් ඇනහිටී

by Staff writer 19-06-2019 | 9:33 PM
COLOMBO (News 1st) : නාගරික සංවර්ධන අධිකාරිය විසින් මධ්‍යම මට්ටමේ ආදායම් උපයන්නන් වෙනුවෙන් ආරම්භ කළ නිවාස ව්‍යාපෘති 2ක ඉදිකිරීම් මේ වනවිට ඇනහිට ඇති බව එම අධිකාරියෙන් අප වෙත එවූ නිවේදනයකින් තහවුරු වේ. බොරැල්ලේ හා තලවතුගොඩ ප්‍රදේශයේ ඉදිකිරීම් සැලසුම් කෙරුණු අදාළ ව්‍යාපෘති දෙක නිවාස 800කින් සමන්විතයි. අධිකාරියේ කොන්ත්‍රාත් වෙනුවෙන් දේශීය තරගකාරී මිල ගණන් කැඳවුව ද ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පටහැනිව යමින් කොන්ත්‍රාත් දෙකම හිමි වන්නේ, චීන සමාගමකටයි. චීන සමාගම මෙම ව්‍යාපෘති දෙක කර ගෙන යාමට තරම් ශක්‍යතාවකින් තොර බව දැන් තහවුරු වී තිබේ. සිදුවිය යුත්තේ, ඉදිකිරීම් ඇන හිටීමෙන් රජයට දැනට සිදුව ඇති පාඩාව කොන්ත්‍රාත් ගිවිසුමේ විධිවිධානවලට අනුව යමින් චීන සමාගමෙන් පියවා ගැනීමයි. https://www.facebook.com/NewsfirstSL/videos/412051932857448/