හක් බෙල්ලන් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

by Staff writer 19-06-2019 | 3:17 PM
COLOMBO (News 1st) : තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, තලෙයිමන්නාරම සිට පේසාලේ දක්වා ගමන් කළ සැකකටයුතු කැබ් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී හක් බෙල්ලන් 1645 ක් සොයාගත් බවයි. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී තවත් හක් බෙල්ලන් 2372 ක් සොයාගෙන තිබේ. සැකකරු 51 හැවිරිදි පේසාලේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරු සමග භාණ්ඩ නීතිමය කටයුතු සදහා මන්නාර සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේ ය.