ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 19-06-2019 | 6:59 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. අමෙරිකානු සමාගමකින් වැටුප් ලබන උපදේශකයෙකු කථානායකවරයාගේ සේවයට යොදවා ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 2. විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන්ට කාර් ගන්න රු. බිලියන 5ක පරිපූරක ගෙන එද්දී හම්බන්තොට දරුවෙකු සාගතයෙන් මරුට. 3. ජාතික තවුහිත් ජමාත් සංවිධානය සහ එහි සාමාජිකයින්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වාගෙන යා යුතු බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ. 4. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් අභියාචනාධිකරණය ඊයේ විභාගයට ගැනීමකින් තොරවම ප්‍රතික්ෂේප කළේ ය. 5. විපක්ෂ නායකවරයා සහ තවත් අමාත්‍යංශ කිහිපයකට වාහන මිලදී ගැනීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ රුපියල් මිලියන 56545ක පරිපූරක ඇස්තමේන්තුව ඉල්ලා අස් කර ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ ය. 6. හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙකහාමාරක අල්ලස් මුදලක් ලබා දීමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තරුණයා ඊයේ ඇප මත මුදා හැරිණි. විදෙස් පුවත් 7. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නව ජනාවාස ප්‍රදේශයක් නම් කරනු ලැබ තිබේ.