අස් වූ මුස්ලිම් ඇමතිවරු දෙපළක් යළි දිවුරුම් දෙති

ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරු දෙපළක් ජනපති ඉදිරියේ යළි දිවුරුම් දෙති

by Staff writer 19-06-2019 | 11:11 AM
COLOMBO (News 1st): පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අද යළිත් ජනාධිපතිතුමා ඉදිරියේ සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ. එලෙස දිවුරුම් දුන්නේ, කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් යන මහත්වරුන් ය. කබීර් හෂීම් මහතා මීට පෙර මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර එම්.එච්.ඒ. හලීම් මහතා තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.