by Staff writer 18-06-2019 | 6:36 PM
COLOMBO (News 1st) - ජාතික තවුහිත් ජමාත් සංවිධානය සහ එහි සාමාජිකයින්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වාගෙන යා යුතු බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම, අප්‍රේල් 21 වන දා බෝම්බ පිපිරීමේ සිද්ධි පිළිබඳව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙන වෙනම විමර්ශන පවත්වාගෙන යන බවට නීතිපතිවරයාට දැන ගැනීමට ලැබී ඇති බව ය.
එබැවින් එම විමර්ශන සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව නොපමාව වාර්තා කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ජනාධිපති ලේකම්වරයාට පිටපත් සහිතව දැනුම් දී තිබේ.