හොරොව්පතාන OIC ට අල්ලස් දෙන්න හැදූ තරුණයාට ඇප

හොරොව්පතාන OIC ට අල්ලස් දෙන්න හැදූ තරුණයාට ඇප

by Staff writer 18-06-2019 | 1:50 PM
COLOMBO (News 1st) : හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 2 හාමාරක අල්ලස් මුදලක් ලබා දීමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තරුණයා අද ඇප මත මුදා හැරිණ. ඒ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවේ, සැකකරු රුපියල් 15,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 04 බැගින් වූ ශරිර ඇප 02 ක් මත මුදා හැරීමටයි. සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන් අතර එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය. ඔහු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුම්දීමට නඩුව ලබන සැප්තැම්බර් 10 වන දා යළි කැඳවීමට ද මහේස්ත්‍රාත්වරිය එහිදි වැඩිදුරටත් නියෝග කළේ ය. මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ අන්තවාදී ක්‍රියාකාරකම්වලට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සිය මාමාට අධිකරණයෙන් ඇප ලබා ගැනීමට සහය ඉල්ලා අදාළ තරුණයා හොරොව්පාතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 05 අල්ලස් මුදලින් රුපියල් ලක්ෂ 2 හාමාරක මුදලක් ලබා දෙන අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබී ය.