by Staff writer 18-06-2019 | 10:05 AM
COLOMBO (News 1st) : දැඩි වියළි කාලගුණයෙන් දිවයින පුරා හාරලක්ෂ හතළිස්දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති.
මින් වැඩි පිරිසක් උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ උතුරු පළාතේ නියඟයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ අනුදහස් දෙසිය හැටක් බවයි.
වයඹ පළාතේ නියඟයෙන් පිඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව හැටදෙදහස් හාරසිය හතළිස් දෙකයි.
මාස කීපයකින් උතුරු පළාතට වර්ෂාව නොලැබීම නිසා එම පළාත් ළිං සහ කුඩා වැව් සියල්ලම සිඳීයාම පානීය ජල අර්බුදයට හේතුවයි.
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දහනවදහස් දෙසිය තිහක් පමණ නියඟයෙන් පිඩා විඳින බව වාර්තා වේ.
උතුරු මැද පළාතේ පුද්ගලයින් එකලොස් දහස් අටසිය පනස් හයක් නියඟයෙන් බලපෑම් එල්ල වි ඇති බව ආපදා කලමනාකරණ මධයස්ථානය පවසයි.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, නැගෙනහිර පළාතේ පීඩාවට පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දෙදහස් නවසිය තිස් හයක් බවයි.