පරිපුරක ඇස්තමේන්තුව ඉල්ලා අස් කර ගනී

විපක්ෂ නායක ඇතුළු අමාත්‍යාංශ කිහිපයකට වාහන ගන්න සැකසූ පරිපුරක ඇස්තමේන්තුව ඉල්ලා අස් කර ගනී

by Staff writer 18-06-2019 | 3:19 PM
COLOMBO (News 1st): විපක්ෂ නායකවරයා සහ තවත් අමාත්‍යාංශ කිහිපයකට වාහන මිලදී ගැනීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු රුපියල් මිලියන පනස් හය දහස් පන්සිය හතලිස් පහක පරිපුරක ඇස්තමේන්තුව ඉල්ලා අස් කර ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ එම පරිපුරක ඇස්තමේන්තුවේ දෝෂ හේතුවෙන් එය ඉල්ලා අස් කර ගන්නා බව ය. එහි පවතින දෝෂ නිවරුදි කර, යළි එම පරිපුරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.