මොහොමඩ් පවාස් තවදුරටත් රිමාන්ඩ්

ජාතික තව්හිද් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක තවදුරටත් රිමාන්ඩ්

by Staff writer 18-06-2019 | 1:31 PM
COLOMBO (News 1st) : ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් පවාස් ලබන 2 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මෙතෙක් අවසන්වී නොමැති බව එහිදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ ය. එම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමටයි. එහීදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ, සැකකරු සන්තකයේ තිබී සිය භාරයට ගත් භාණ්ඩ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රජයේ රස පරීක්ෂකවරයා වෙත විශේෂ සිහි කැඳවීමක් යැවීමට ද නියෝග කළේ ය.