ගෝඨාභයගේ පෙත්සම් 2ක් ප්‍රතික්ෂේප කෙරේ

ගෝඨාභයගේ පෙත්සම් 2ක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

by Staff writer 18-06-2019 | 3:54 PM
COLOMBO (News 1st) - ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් අභියාචනාධිකරණය අද විභාගයට ගැනීමකින් තොරවම ප්‍රතික්ෂේප කළේ ය. ඒ, අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසිනි.