ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 18-06-2019 | 6:21 AM
COLOMBO (News 1st) :   1. Update: රාවනා 1 චන්ද්‍රිකාව කක්ෂගත කෙරේ..: ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් දෙදෙනෙකු නිර්මාණය කළ Raavana – 1 චන්ද්‍රිකාව, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව කක්ෂගත කෙරේ. 2. 21 ප්‍රහාරය නව මුහුණුවරක් ගත් ත්‍රස්ත අවදානමක් පිළිබඳ ඉඟි කරනවා – නේපාලය : ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාර දකුණු ආසියාවේ නව මුහුණුවරක් ගත් ත්‍රස්ත අවදානමක් පිළිබඳ ඉඟි කරන බව නේපාල ආරක්ෂක අමාත්‍යවරයා පවසයි. 3. පළාත් සභා ඡන්දය කඩිනම් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට : මේ වනවිට විසුරුවා හැර ඇති පළාත් සභාවලට සභිකයින් තෝරා ගැනීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ගොනු කර ඇති පෙත්සම් 03 ක් සම්බන්ධ විභාගය ලබන සැප්තැම්බර් 09 වැනි දින ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. විදෙස් පුවත්... 1. ජනපති ට්‍රම්ප්ගේ නමින් ඊශ්‍රායාලයේ ජනාවාසයක් : ඊශ්‍රායාල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නව ජනාවාස ප්‍රදේශයක් නම් කරනු ලැබ තිබේ.