කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ රැස්වෙයි

කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ රැස්වෙයි

by Staff writer 18-06-2019 | 6:43 AM
COLOMBO (News 1st) : අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබේ. ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ, කැබිනට් රැස්වීම අද පෙරවරු 9.30ට ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන බව දැනුම් දී ඇති බවයි. ඒ අනුව, සියලු කැබිනට් අමාත්‍යවරුන් ඊට සහභාගීවීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් මතුව ඇති විවාදාත්මක තත්ත්වය හේතවෙන්, පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ නොමැත.