කාත්තන්කුඩි OIC විශේෂ කාරක සභාව හමුවට

කාත්තන්කුඩි OIC විශේෂ කාරක සභාව හමුවට

by Staff writer 18-06-2019 | 8:51 PM
COLOMBO (News1st) : කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා සහ හිටපු ස්ථානාධිපතිවරයා අප්‍රේල් 21 වන දා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්හ. ඊට අමතරව සුෆී නිකායේ නියෝජිත කලීලුර් රහුමාන් මොහොමඩ් සහලාන් මහතා සාක්ෂි ලබා දුන් අතර විටෙක ඔහු සංවේදී විය. පළමුව සාක්ෂි ලබා දුන්නේ, කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති එම්.පී. කස්තුරිආරච්චි මහතායි. ඔහු සාක්ෂි ලබා දෙන අතුරතුර එක් අවස්ථාවකදී මාධ්‍ය එම ස්ථානයෙන් ඉවත් කර ප්‍රකාශ සටහන් කර ගැනීමක් ද සිදු විය. අනතුරුව කාත්තන්කුඩි හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආරියචන්ද්‍ර වෙදගෙදර මහතා සාක්ෂි ලබා දුන්නේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/375589099975550/