21 ප්‍රහාරය ගැන නේපාල ආරක්ෂක ඇමතිගේ මතය

21 ප්‍රහාරය නව මුහුණුවරක් ගත් ත්‍රස්ත අවදානමක් පිළිබඳ ඉඟි කරනවා - නේපාලය

by Staff writer 17-06-2019 | 5:02 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාර දකුණු ආසියාවේ නව මුහුණුවරක් ගත් ත්‍රස්ත අවදානමක් පිළිබඳ ඉඟි කරන බව නේපාල ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

නේපාල නියෝජ්‍ය අග්‍රාමාත ධුරය මෙන්ම ආරක්ෂක අමාත්‍ය ධුරය ද දරන ඉෂ්වර් පෝක්රේල් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට අප්‍රේල් 21 ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මේ සම්බන්ධයෙන් ප්‍රබල පැහැදිලි පණිවුඩයක් ලබා දෙන බවයි. නේපාල හමුදාව සංවිධානය කර තිබු මහජන ආරක්ෂාව - ත්‍රස්ත මර්දනය යන තේමාව රැගත් සාකච්ජාවකදී නේපාල ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. වෙනස් වූ ආරක්ෂක පරිසරය පිළිබඳ පෙන්නුම් කරමින් පසුගිය දා නේපාල රජය ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය එළිදැක්වූ බව ද නේපාල ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.