හෙරොයින් ජාවාරම්කරු දිවි ඇති තෙක් සිපිරි ගෙට

හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

by Staff writer 17-06-2019 | 12:00 PM
COLOMOBO (News 1st) : හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරුවූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේ ය. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙලෙස ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කරනු ලැබුවේ, කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුටයි. හෙරොයින් ග්‍රෑම් 4 .03 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබේ. කමල් නිශාන්ත නොහොත් මහත්තයා නමැති මෙම විත්තිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් 2103 වසරේ අගෝස්තු 11 වැනිදා කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණ. වසර 6 කට අධික කාලයකට පසු මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවූ විත්තිකරු තිදරු පියෙකි.