වියලි කාලගුණයෙන් ලක්ෂ 4 කට අධික පිරිසකට පීඩා...

by Staff writer 17-06-2019 | 9:31 PM

COLOMBO (News 1st) - දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වලට බලපා ඇති දැඩි වියලි කාලගුණය හේතුවෙන් එම පළාත්වල ජනතාව දැඩි පීඩාවට පත් ව සිටි.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ, කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ටයි. වතින වියලි කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ පමණක් පවුල් එක්ලක්ෂ අනූදහසක පමණ ජනතාව පීඩාවට පත්ව සිටින අතර යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් පවුල් 21000ක ජනතාව වියලි කාලගුණයෙන් පීඩා විඳින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. වියලි කාලගුණය හේතුවෙන් නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පීඩාවට පත් සංඛ්‍යාව 52000 කට අධිකයි. දිවයින පුරා වියලි කාලගුණයෙන් පීඩාවට පත් ව ඇති සංඛ්‍යාව හාරලක්ෂ හතලිස්දහස් එකසිය හැටදහස් හතරක් බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ ය.