ධීවර ප්‍රජාවට අවධානයෙන් සිටින්නැයි, උපදෙස්

මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බවට අනාවැකි

by Staff writer 17-06-2019 | 6:20 AM
COLOMBO (News 1st) : ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවයි. ධීවර හා නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ ය.