මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

by Staff writer 17-06-2019 | 12:13 PM
COLOMBO (News 1st) : කල්මුණේ, පාණ්ඩිරිප්පු ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සැකකරු කල්මුණේ විශේෂ කාර්ය බලකා කඳවුරේ බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස පෙනී සිට නීතිවිරෝධීව මත්පැන් අලෙවි කරන පුද්ගලයෙකු බියවද්දා ඔහුට එරෙහිව නීතිමය කටයුතු නොකරන බව පවසමින් වරින්වර රුපියල් මුදල් ලබාගෙන ඇති බවයි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කල්මුණේ පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසී ය.