පළාත් සභා ඡන්දය ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට

පළාත් සභා ඡන්දය කඩිනම් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට

by Staff writer 17-06-2019 | 4:44 PM

COLOMBO (News 1st) - මේ වනවිට විසුරුවා හැර ඇති පළාත් සභාවලට සභිකයින් තෝරා ගැනීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ගොනු කර ඇති පෙත්සම් 03 ක් සම්බන්ධ විභාගය ලබන සැප්තැම්බර් 09 වැනි දින ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබේ.

අද දින එම පෙත්සම් කැඳවනු ලැබුවේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී යි. පෙත්සම්වල වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල විරෝධතා හා කරුණු දැක්වීමට ඇත්නම් අද සිට සති 04 ක් ඇතුළත ඒවා අධිකරණයට ගොනු කරන ලෙසට ද වගඋත්තරකරුවන්ට නියෝග කළේ ය.