ජනපති ට්‍රම්ප්ගේ නමින් ඊශ්‍රායාලයේ ජනාවාසයක්

ජනපති ට්‍රම්ප්ගේ නමින් ඊශ්‍රායාලයේ ජනාවාසයක්

by Staff writer 17-06-2019 | 12:08 PM
COLOMBO (News  1st) : ඊශ්‍රායාල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නව ජනාවාස ප්‍රදේශයක් නම් කරනු ලැබ තිබේ. ගෝලාන් කඳුකරයේ පිහිටි මෙය නම් කර ඇත්තේ ට්‍රම්ප් හයිට්ස් යනුවෙනි. මෙම භූමි ප්‍රදේශයේ ඊශ්‍රායාල ස්වෛරීත්වය අමෙරිකානු ජනාධිපතිවරයා පිළිගැනීමට ගෞරවයක් ලෙස ජනපති ට්‍රම්ප්ගේ නමින් එම ජනාවාස ප්‍රදේශය නම් කර තිබේ. කෙසේ වෙතත් තවමත් එහි කිසිඳු ගොඩනැගිල්ලක් ඉදිකර නොමැත. විචාරකයන් පවසන්නේ මෙය ප්‍රචාරණ උපායක් හැරෙන්නට කිසිඳු නීතිමය අධිකාරියක් නොමැති ක්‍රියාවක් බවයි. 1967 වසරේ මැදපෙරදිග යුද්ධයේදී ගෝලාන් කඳුකර ප්‍රදේශය , ඊශ්‍රායාලය විසින් සිරියාවෙන් අත්පත් කරගනු ලැබී ය. 1981 වසරේදී ඊශ්‍රායාලය විසින් තම රටට ඈඳා ගත් එම භූමි ප්‍රදේශයේ ඊශ්‍රායාල ස්වෛරීත්වය අමෙරිකාව විසින් පසුගිය මාර්තු මාසයේදී පිළිගනු ලැබී ය. පේරු රාජ්‍යය සිය දේශ සීමා ආරක්ෂාව තර කර තිබේ. ඒ , දේශපාලන රැකවරණ පතමින් වෙනිසුවෙලානුවන් සිය රටට ඇතුළුවීම වැළැක්වීමේ අරමුණිනි. මේ යටතේ සංක්‍රමණිකයන්ට ගමන් බලපත්‍ර සහ වීසාවලින් තොරව පේරු රාජ්‍යයට ඇතුළුවීමට නොහැකිවනු ඇති.